වැට් බදු වැඩි කිරීමෙන් මිල වැඩිවීමක් සිදුනොවන බව කියන අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග ගැසට් කළ යුතු බව පුරවැසි සංවිධාන එකමුතුව හා වෘත්තිය සමිති ව්‍යාපාරයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
එම එකමුතුව කොළඹදී අද පැවත්වූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ වැට් බදු වැඩි කිරීමට විරුද්ධ නමුත් ප්‍රාග්ධන බදු වැඩි කිරීමට විරුද්ධත්වයක් නැති බවයි.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ හොරු ඇල්ලීම සිදුවන නමුත් ආණ්ඩුව හයිබ්‍රිඩ් නිසා ඩීල් ගසමින් හොරු පැනයාමට ඉඩ ඇති බවද ඔහු පැවසීය.
බැසිල්, සජින් වැනි අයට නීතිය ක්‍රියාත්මක වුවත් සිල් රෙදි බෙදීමේ වංචාවට ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට ඇතුළේ සිටිය යුතු අය වුවත් එළියේ සිටීම පුදුම බවද හෙතෙම කිවේය.
ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ළඟතබා ගත්තැයි කියන විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව පැවසූ ඒ මහතා ඔහු උඩුවේ ධම්මාලෝක හිමියන්ට නීතිය ක්‍රියාත්මක වීමත් විලපත්තුව විනාශ කරන අයට නීතිය ක්‍රියාත්මක නොවීමත් ගැන අදහස් දක්වන බවද පෙන්වාදුන්නේය.
එම මාධ්‍ය හමුවට එක්වූ පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනතාවට වහ බොන තත්ත්වයට පත් කර, දැන් අගමැතිවරයා ජනතාවට තිත්ත බෙහෙත් බොන්න ලෑස්ති වෙන කියන බවයි.
පෝට් සිටි ව්‍යාපෘතිය හොඳ නෑ කියා දැන් එය යළි ආරම්භ කරන්නේ කෙසේද යන්නත් හෙතෙම ප්‍රශ්න කළේය.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment