උපවාසයේ නිරත එල්.ටි.ටී.ඊ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම්දී තිබේ.
අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ උපවාසයේ නිරත එල්.ටී.ටී.ඊ සැකකරුවන් 13 දෙනෙකු බන්ධනාගාරය මඟින් අද(11) අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම සැකකරුවන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා බරපතළ බැවින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවයි.
මේ හේතුවෙන් ඔවුන් නිදහස් කිරීමට හෝ ඇපදීමට මේ අවස්ථාවේ අදහසක් නොමැති බව රජයේ නීතිඥවරයා සඳහන් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අදාළ සැකකරුවන් ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
(under the courtesy of adaderana news web)

0 comments :
Post a Comment