දුක සැප නිති පෙරළේ - රිය සක ලෙස ලෝකේ

දුක සැප නිති පෙරළේ - රිය සක ලෙස ලෝකේ“දුක සැප නිති පෙරළේ - රිය සක ලෙස ලෝකේ“ එදා සිටි පාලකයා  ඒ සැප විඳිනකුට ඒ ගාම්භීරත්වයෙන් ජීවත්වෙනකුට කවදාවත් හිතුවේ නෑ මේ රෝදේ කැරකෙයි. කවදා හරි එයාට  මන්ත්‍රී කෙනෙක් හැටියට මෙතන ඉන්නවෙයි. මම මෙතැන ඇමති කෙනෙක් හැටියට වාඩිවෙලා දේශනාවක් පවත්වයි“ යැයි ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අමාත්‍යධූරය ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සිය මංගල කතාව කරමිනි.

උතුරේ ඡන්දය වැළැක්වීම සඳහා 2005 ප්‍රභාකරන්ට ඩොලර් මිලියන 2ක් දුන් බව තමන් බිය නැතිව කියන බව ද තමා සතුව ඊට සාක්ෂි ඇතැයිද කීවේය.

යුද්ධය කරපු හමුදාපති හැටියට විදේශීය නිරීක්ෂකයන්ට මෙරටට පැමිණ පරීක්ෂණ කිරීමට ඉඩ දිය යුතු බවත්, වැරදි කරපු අය සිටිනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු බවත් සුදු කොඩි කතාවේ ඇත්ත නැත්ත ගැනද අනිවාර්යෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේය. 

derana news
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment