පොලිස් බැලුමේ හිලක්

රියදුරන් මත්පැන් පානයකර තිබේද යන්න සොයාගැනීමට පොලිසියෙන් භාවිත කරන බ්‍රතලයිස් උපකරණ (බැලුම්) ප්‍රමිතියෙන් තොර ඒවා බව යහපාලනය සඳහා වන නීතීඥ එකමුතුව කියා සිටී.

එහි සාමාජික නීතීඥ තුෂාර එන්. දස්කොන් මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ රියදුරන් මත්පැන් පානයකර තිබේද යන්න සොයාගැනීමට භාවිතා කරන බ්‍රතලයිස් උපකරණය (බැලුම්) සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ උපමාන කිහිපයක් ඇති බවත් එහෙත් එම දෙපාර්තමේන්තුව ගෙන්වා ඇති අදාළ උපකරණවල ඒවා නොමැති බවයි.

ඉන් එකක් වන්නේ බීමත් බවට සැක රියදුරන් විසින් සිය මුඛය තබා වාතය ඇතුළු කරන කොටසේ කල් ඉකුත්වන දිනය මුද්‍රිතව සටහන්ව තිබිය යුතු බවයි. එසේම එය ස්ටිකරයක් මගින් සටහන් කිරීම ප්‍රමාණවත් නොවන බවද ඔහු කියා සිටින අතර දැනට පොලිස් දෙපාර්තමේන්තුව භාවිත කර බ්‍රතලයිස් උපකරණයේ එය නැතැයි ඔහු කීය.තවද මේ බැලුමේ මෙය නීතිමය කටයුතු සඳහා භාවිතා කළ නොහැකි බව මුද්‍රනය කර ඇති බවද දස්කොන් මහතා පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment