අනියම් සබඳතාව ඝාතනයකින් අවසන්

ගලේවෙල - බම්බාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් සහ මිරිස් ගලකින් පහර දී ඝාතනය කර වස පානය කළ දෙදරු පියෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් මිය ගොස් ඇත්තේ ද තිස් දෙහැවිරිදි දෙදරු පියෙකු බව සදහන්.

මිය ගිය පුද්ගලයා, වස පානය කළ පුද්ගලයාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව හෙළිවීම මෙම ඝාතනයට හේතුව බව සදහන්.

වස පානය කළ පුද්ගලයාගේ තත්ත්වය බරපතල බැවින් ගලේවෙල රෝහලේ සිට දඹුල්ල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment