විදුලිය බිදවැටීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අද(13) පස්වරු 2.30ට පමණ සිදුවූ විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් මේ වන විට ඊට අදාළ අංශ විමර්ශන සිදුකරමින් සිටින බව ඔහු කියා සිටියි.
පසුගිය 25 වැනිදා ද දිවයින පුරා මේ ආකාරයෙන් විදුලිය විසන්ධිවීමක් සිදුවූ අතර කෙටිකලක් තුළ යළිත් එවැනි සිදුවීමක් වාර්තා වීම ගැටලුවක් බව අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.
මේ අතර නොරොච්චෝලේ විදුලිබලාගාරයේ අදියර තුනම ක්‍රියාවිරහිත වී ඇති බව ද වාර්තා වෙයි.
0 comments :
Post a Comment