හැමෝම දන්න පානදුර නංගීගේ නැගලා යන අලුත්ම සීන් එක

ආදරය කරන හදවත් තම පෙම්වතා හෝ පෙම්වතිය ඉදිරියේ නිරුවත් වන්නේ ආදරණීය විශ්වාසය මතය. බැඳීමක පැවැත්ම ආදරය හා රාගම මුසුව සවිමත් වන බව සැබෑවකි.
තම පෙම්වතා ඉදිරියේ පතිවත පූජා කරන තරුණිය දිනක තනිවන්නේ සමාජ නාමයක් පටබැදගනිමිනි.
මෙවන් කතිකාවක් තුල පෙම්වතා ඉදිරියේ නිරුවත් වූ තරුණියක් සමාජය ඉදිරියේ නිරුවත් වූ සිදුවීම් ඕනෑ තරම් අප අතර ගැවසෙන බව සැවොම දන්නා කරුණකි.
පානදුර නංගී ලෙසින් සමාජය ඉදිරියේ තම ලිංගිකත්වය හුවමාරු වූ ගැහැණිය කා අතරත් ප්‍රසිද්ධය. සමාජය ඉදිරියේ සුදනන් වන තම ජීවිත යටගියාව තුල දුදනන් වී අනෙකාට මඩ ගහන සමාජයක ඈ වරදකාරියක් කරන්නට අප කිසිසේත් සූදානම් නැත.
පතිවත කෙලෙසා හැරයන පිරිමින් අතර තමා අතින් සිදුවූ වරද යටපත් නොකර ඇය හැර නොගොස් ඇය තම සහකාරිය කරගත් උතුම් ආදරවන්තයෙක් ඇයට හමුවීම ඇයගේ පෙර වාසනාවකි.

සමාජ ජාල ඔස්සේ සමාජය ඔස්සේ මාධ්‍ය ඔස්සේ ඇයගේ නාමයේ ගෞරවය කෙලෙසෙන්නේ හීසර වේගයෙනි. ඔවුන්ට ජීවිතය වැරදුනු බවද සැබෑවකි. නියමිත කාලයේදී ලබන්නට වුවමනා ලිංගිකත්වය රාගයේ වැට ඔවුන් කල්තියාම පැන්න බව ඔවුන්ද දනී.
වරද සිදුවී හමාරය. අතීතය වෙනස් කළ නොහැකිය. නමුත් අතීත අත්දැකීම් තුලින් ඉදිරි ජීවිතය ගොඩනගන්ගන්නවානම් ඔහු වීරයෙකි. එවැනි පසුබිමක් මත සංසාරගත ආදරණීය පෙම්වතා තම පෙම්වතිය වූ පානදුර නංගීගේ අතිනත ගන්නට පැකිලුනේ නැත.
මේ සටහන සමාජය විනාශ කළ සමාජය නිරුවත් කළ පානදුර නංගී ගැන, ඒ ආදරය ගැන උතුම් සටහනක් මිස නිරුවත් කිරීමක් නොවේ.
ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. 

මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය..
සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් මෙමරි කාඩ් එක අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි..
ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි..
වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද මෙම හුරුබුහුටි මුවැත්තිය ගැන කතා වන්නේ ඇයගෙ ලස්සන නිසා කීවොත් මා නිවැරදිය.. මේ අතර මෙම තරුණයා ඇයවත් රැගෙන රටින් පිටවන්නේ සමාජය තුළ ඇයට ජීවත් වීමට නොහැකි වටපිටාවක් තුළය..

ඒ අතරතුර කාලයේදි ඇය කීප වතාවකම සියදිවි හානි කිරීමට තැත් කරගෙන ඇත.. යළි දිවයිනට පැමිණ තමාගෙ අතින් කෙළෙසුණු ඇයව නීත්‍යානුකූලව තමන්ගේම කරගැනීමට ඔහුට පෞරුෂත්වයක් විය. නිවටයෙකු ලෙස ප්‍රශ්න වලින් පැන ගියේවත් ඇයව සමාජය තුළ තනි කලේවත් නැත..

එසේ වූවානම් මෙම කතාව ලියවෙන්නෙ මරණයක ඛේදාන්තයකිනි.. පාසල් වයසේදීම ලිංගික සබදතා ආදරය ලෙස පටලවා ගන්නා ජීවිතයෙ කුණාටු සමයේ සිටිනා නංගිලා මල්ලිලාට ඇය හොද පාඩමක් කියා දෙයි..

කාන්තාවකට වෛශාවි යන නාමය දීමට සමාජයට යන්නේ මිනිත්තු කීපයකි.. වරදක් කර හෝ නොකර පට්ට බඩුවක් ලෙස විරුදාවලිය ලැබීමට තරම් කාන්තා චරිතය ලොවට දායාද වී ඇත්තෙ එක් අතකින් දුර්වල ලෙසටය..
කතාව එය නොවෙයි.. ලිංගිකත්වය ගැන බැලූ නිල් චිත්‍රපට අනුව සිතන පේජ් ඇඩ්මින්ලා ඇයගේ මංගල ඡායාරූප ගෙන කරන ඉතා පහත් ආකාරයේ අපහාස වලින් තම පේජ් වල ජනප්‍රියතාවය වැඩි කරගැනීමට තැනීමයි..
ඇයට වැරදුනි.. ඔව් සත්‍යයය.. ඉතින් වැරදුනු මිනිසුන්ට වැරදි සාදාගෙන නැගී සිටීමට නොහැකිද? ලෝකයේ උතුම්ම රට ලංකාවයි කියා මොරදෙන අපේ රටේ මිනිසුන් පරණ කුණු රසම විඳීමට මෙතරම් ආසා ඇයිදැයි මම නොදනිමි.. 

ගූගල් වලින් සෙක්ස් හොයා කප් ගැසූ රටක ඒවා කමක් නෑ කියමු.. නමුත් ඇයව බඩුවක් කෙරු අප සමාජය ඇයගේ අගපසඟ දෙස බලා වීඩියෝ බලා අපමණ ස්වයං වින්දනය කරන්නට ඇත.
අවසානයේ ඇයගෙ මංගල ඡායාරූප දැක ඇයට අපහාස කරනුයේ බෝධිසත්ව චරිත ලෙසය. ඇයට බනින අපේ ශේෂ්ඨ බුකී අල්පේච්ඡ මිනිසුන් ඇය සමග කොතරම් හිතෙන් නිදිවදින්නට ඇතිද? සිතා බලන්න..
ඔහු ගැන යමක් නොකියාම බැරිය.. ඔහු අතින් වූ වරද නියම පිරිමියෙක් ලෙස භාරගැනීමට ඔහුට හැකියාවක් තිබුණි.. අහිංසක කෙල්ලන්ට දහසක් බලාපොරොත්තු දී පතිවතටද කෙළවා මාරුවෙන සල්ලාලයන් අතර ඔහු විශිෂ්ඨ මිනිසෙකි.. 

අවලාද ඒවි.. එහෙත් ඒවාට මුහුණ දීමට ඔහු සුදානම් බව මෙම මංගල ඡායාරූපය සාක්ෂි දරනවා ඇත..
ශ්‍රී ලංකාව වැනි රටක ලෝකෙට පේන්න සදාචාරය ගැන කතා කරමින් හිතෙන් සහ ඇත්ත ජීවිතයෙදි කාළකන්නි ජීවිත ගතකරන ග්‍රෝතිකයන් බහුතරයක් සිටින රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය..

ඕවාට සරළව කියන්නේ ලිංගික කුහකත්වය කියාය. ඔබට සුබ අනාගතයක්. වැරදුනු තැන නොව ඔබ ගොඩනාගන්නට යන ජීවිතය අනිවාර්යෙන්ම සාර්ථක වනවා නොඅනුමානය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment