තුවක්කු ගැන උදම් අනන අම්මාට පුතාගෙන් අමතක නොවන පාඩමක්

තුවක්කු ප්‍රතික්ෂේප කරන අය මෙන්ම තුවක්කුවලට ආශා කරන පිරිසකුත් ඉන්නවනේ.

ඇමරිකාවේ සමහර ප්‍රාන්තවලත් තුවක්කු භාවිතය සිදුවන්නෙත් එලෙසෙමයි. ඒ ගැන තාම පාර්ලිමේන්තුවේ වාදා විවාද පවත්වනවා. 

කොහොම වුණත් ඇමරිකාවේ වෙසෙන 32 හැවිරිදි කාන්තාවක් වන Jamie Gilt ,තුවක්කු භාවිතා කරන්නන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක්. 

තුවක්කු භාවිතයේ ප්‍රතිඵල ගැන උදම් අනමින් සිටින ඇයට සිය පුතු විසින්ම ළඟදි දවසක පාඩමක් උගන්වලා තිබෙනවා.

ඇය වාහනයේ ගමන් කරමින් සිටියදී පිටුපස අසුනේ සිටි වයස අවුරුදු 04ක් වයසැති පුතණුවන් විසින් නොදන්නාකමටයි මෙසේ වෙඩි තබා තිබෙන්නේ.

මෙහි උපහාසයට කාරණාවක් නම් ඇමරිකාවේ තුවක්කු සම්බන්ධයෙන් වෙබ් පිටුවක් පවත්වා ගෙන යන කාන්තාවකටම මෙය සිදුවීමයි.

කෙසේ නමුත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ ඇයගේ තත්ත්වය සමාන්‍ය අතට පැමිණෙමින් තිබෙන බවයි.









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment