ආයෝජන සමුළුව අද සිංගප්පූරුවේදී

ආයෝජන සමුළුව අද සිංගප්පූරුවේදී
ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද(15) සිංගප්පූරුවේ දී ආරම්භ වීමට නියමිතය.

 ශ්‍රී ලංකාවේ ආර්ථික විශේෂඥයින් සහ ආසියානු ආයෝජකයින්ගේ සහභාගීත්වෙයන් මෙම සමුළුව පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනි.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉරාන් වික්‍රමරත්න සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

මෙම සමුළුව සඳහා ආසියානු ආයෝජකයින් රැසක් එක්වීමට නියමිත අතර මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරික ආයතනවල නියෝජිත පිරිසක් ද  සහභාගී වීමට නියමිතය. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment