හෙරොයින් සමඟ පකිස්ථාන ජාතිකයා‍ කොටු

හෙරොයින් සමඟ පකිස්ථාන ජාතිකයා‍ කොටුහෙරොයින් ජාවාරමක නිරත වූ පකිස්ථාන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙම පකිස්ථාන ජතිකයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ උදරයේ සඟවා තිබු හෙරොයින් ගුලි 46ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

 සැකකරු සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ලබන 18 වන දින දක්වා රඳවා ගැනීමේ නියෝග ලබාගෙන විමර්ශන සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පාකිස්තාන ජාතිකයෙකු වන අතර ඔහුගේ උදරයේ තවත් හෙරොයින් ඇත්දැයි සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිතව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment