අයිතීන් වෙනුවෙන් ඕනෑම අරගලයකට සූදානම්

අයිතීන් වෙනුවෙන් ඕනෑම අරගලයකට සූදානම්


ගොවිජනතාවගේ අයිතීන් ලබාගැනීම සඳහා ඕනෑම අරගලයකට සූදානම් බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසයි.

එහි සභාපති කේ.ඩි.ලාල්කාන්ත මහතා සඳහන් කළේ ගොවි ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු සිය අරගලය අවසන් නොකරන බවයි.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් කේ.ඩි.ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් ගොවිජනතාවගේ ගැටලුවලට මේ වන විටත් විසඳුම් ලබා දී ඇති බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment