ජපන් වාහන ගෙන්වීම නවත්වයි

ජපන් වාහන ගෙන්වීම නවත්වයි

මෙරටට ජපන් වාහන ආනයනය කිරීම මෙම මස සිට ඉදිරි මාස 6 ක කාලය තුළ නවතා දමන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගම් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්‌ පවත්වමින් ඊයේ (04) මේ බව කියා සිටියෝ ය.

දිගින් දිගටම වාහන මිලෙහි සිදුවන උච්චාවචනය වාහන ආනයනය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබීම මෙම තීරණයට හේතුවූ බවයි ඔවුන් පවසන්නේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිංචිගේ මහතා පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ රථවාහන ආනයනකරුවන් මුහුණ දී සිටින විශාලතම ගැටලුව වන්නේ විදේශ විනිමය උච්චාවචනය වීම බව යි.

විශේෂයෙන් ජපන් යෙන් අගය මෑත කාලයේ ශීඝ්‍ර ලෙස උච්චාවචනය වීම වාහන ආනයනය කෙරෙහි විශාල වශයෙන් බලපා ඇති බවත් මේ හේතුවෙන් ජපානයෙන් ආනයනය කරනු ලබන කුඩා ප්‍රමාණයේ හයිබ්‍රිඩ් මෝටර් රථයක්‌ පවා වරායෙන් නිදහස්‌ කරගැනීමේදී රුපියල් ලක්‍ෂ 3 1/2 ත් 5 ත් අතර වැඩිපුර බදු මුදලක්‌ ගෙවිය යුතු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මෙම තත්ත්වය දරාගත නොහැකිවීමෙන් වාහන ආනයනකරුවන් මේ වනවිට බංකොලොත්භාවයට පත්වීමේ අවදානමට මුහුණ දී සිටින බව යි මෙරිංචිගේ මහකා වැඩිදුරටත් අවධාරණය කළේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment