නව පක්ෂයක් බිහි වෙයි (VIDEO)

නව පක්ෂයක් බිහි වෙයි (VIDEO)

ප්‍රජාතන්ත්‍රවාදී දුවිඩ ජාතික පෙරමුණ ලෙස නව දේශපාලන පෙරමුණක් ඊයේ (04) බිහි විය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතා පවසන්නේ  තම ජනතා ගැටලුවලට වත්මන් ආණ්ඩුවෙන් හා දෙමළ ජනතා නියෝජිතයන්ගෙන් විසඳුම් නොලැබෙන නිසා මෙම නව පෙරමුණ පිහිටුවීමට තීරණය කළ බව යි.

අවශ්‍ය වුවහොත් නව පෙරමුණ ඉදිරියේදී මැතිවරණයට ඉදිරිපත් වන බව ද ඒ මහතා අවධාරණය කළේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී දුවිඩ ජාතික පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊ පී ඩී පී සංවිධානය, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා කොංග්‍රසය හා ද්‍රවිඩ එක්සත් පෙරමුණ ඇතුළු සංවිධාන 10 ක් ඇතුළත් වේ.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment