පාපන්දු තරගයක් අතරතුර වැටුණ නාමල්ට සැත්කමක්?



පාපන්දු තරගයක් අතරතුර
වැටුණ නාමල්ට සැත්කමක්?

අද උදෑසන තංගල්ල ප‍්‍රදේශයේ පාපන්දු ක‍්‍රීඩාවක නිරතවෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ එහිදී වැටී අනතුරකට ලක්වූ බවත් අනතුරුව රෝහල් ගත කර ප‍්‍රතිකාර ලැබූ බවත් වාර්තා වෙනවා. ඔහුව ශල්‍යාගාරයකට ගෙන ගොස් ප‍්‍රතිකාර ලබන අන්දම ඡායාරූපයට නගා වෙබ් අඩවි හා සමාජ ජාලා කිහිපයක් මගින්
ප‍්‍රසිද්ධ කර තිබේ.
කෙසේ වෙතත් ඔහු මේ වනවිට රෝහලින් පිටව ගොස් ඇති බවද තවත් වාර්තාවක දැක්වේ.
පසුගිය සතියේ නාමල් සොයුරු යෝෂිතද පැරණි අසනීප තත්වයක් මත රෝහල් වාර්තා ලබාගෙන වැඩිදුර ප‍්‍රතිකාර සඳහා  ඕස්ටේ‍්‍රලියාවට යන්නට අවසරය ලබාගත්තේ ඉදිරි අධිකරණ කටයුතු වලින් ඈත්වන්නට අවස්ථාවද උදාකරගනිමිනි.






Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment