මහින්දගෙන් වෙනම මැයි රැලියක්

මහින්දගෙන් වෙනම මැයි රැලියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

ඒ සඳහා ගාලු මුවදොර පිටිය ලබාදෙන මෙන් ඉල්ලමින් පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ඉකුත් දෙවැනිදා ලිපියක් යැවු බව ද හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැළිය පැවත්වීමට බලාපොරොත්තු වන බවත් පක්ෂයට සහාය දක්වන අති විශාල පිරිසක් ඊට සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු  පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment