සයිටම් ගැටළුවට ජනපති මැදිහත් වෙයි

සයිටම් ගැටළුවට ජනපති මැදිහත් වෙයි

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල සිසුන්ට කිසිදු ආකාරයක අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.  

මෙම ගැටලුවේදී ජනාධිපතිවරයා ලෙස තමා  අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව කටයුතු කරමින් සෑම සිසුවෙකුටම සාධාරණය ඉෂ්ට කරන බව ජනපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළිය, හුට්විල්පුර, නව ගම්මානය අද (09) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.  

ඉදිරි දිනවලදී අදාළ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර සෑම කෙනෙකුටම පිළිගත හැකිවූත් යුක්ති සහගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර මෙම ගැටලුව විසඳීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එබැවින් පංති වර්ජනවල නිරත නොවී තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස තමා සියලු වෛද්‍ය පීඨවල සිසුන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනපතිවරයා පැවසීය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment