මහින්ද අත වැනුවත් ලැබෙන ප්‍රතිචාර සිරිසේන ඔළුවෙන් හිටගත්තත් නැහැ - සරත් එන් සිල්වා


පෙරේදා (7දා) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කළේය.
‘මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකාව වටේ ගිහින්
අත ඉස්සුවත් ලැබෙන
ප්‍රතිචාරය සිරිසේන ජනාධිපතිතුමා ඔළුවෙන් හිටගත්තත් ලැබෙන්නෙ නැහැ.
රනිල් වික්‍රමසිංහ එයාගේ බියගම මන්ත්‍රි නිවෙසට අල්ලපු තට්ටු නිවෙසේ විජේදාස ලියනාරච්චි ඇතුළු කට්ටිය මැරුවා. බටලන්ද වධකාගාරයට ගිය අය ආපසු ආවෙ නැහැ.
විමල් වීරවංශ සිරගත කොට තිබෙන්නේ වංචා සහගත සාක්‍ෂි අනුවයි. මේවා ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත යුතුයි. එෆ්.සී.අයි.ඩී.ය පිහිටවපු රනිල් වික්‍රමසිංහ මේකට වග කිව යුතුයි.
 මිනී මැරුම් නඩුවකට ඉස්සර කාලෙක මහින්ද වැරැදිකරු කරවන්න බොරු සාක්‍ෂි යොදා ගත්තා. ඒත් ඒවා ඔප්පු කරමින් එදා මහෙස්ත්‍රාත්වරයා මහින්ද නිදහස් කළා. බොරු සාක්‍ෂිකරුවන්ට දඬුවම් කළා. එදා මහෙස්ත්‍රාත්වරු එසේ කටයුතු කළත් අද මහෙස්ත්‍රාත්වරු ක්‍රියා කරන්නේ අධිකරණ මනසකින් තොරවයි.‘


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment