නවම් පොහොය අදයි

නවම් පොහොය අදයි

නවම් පුර පසලොස්වක පොහොය අද (10) ට යෙදී ඇත. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය. 

තවද බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම, බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ආදී ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කිහිපයක් නිසා නවම්පුර පසළොස්වක පොහොය ශ්‍රී ලංකාවාසීන්ට වැදගත් වේ. 

සම්බුද්ධ ධර්මයෙහි මූලික දේශනා දෙකකි. එනම් "ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව හා ආනා දේශනාවයි." මෙහි "ඕවාද ප්‍රාතිමෝක්ෂ" යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි අවවාදයක් කිරීමත්, ස්වයං හික්මීමත්, ඉවසීම උතුම් සැපත බව හා සියළු අකුසල් නොකළයුතු බවත් යන්නයි. එසේම "ආනා දේශනාව" යනුවෙන් හැඳින්වෙන්නේ අණ කිරීමත්, ශික්ෂාපද පැනවීමත් යන්නයි. මෙම දේශනාවන් විනය රැකගන්නට බෙහෙවින් වැදගත් විය.  

මෙහි "ඕවාද ප්‍රාතිමෝක්ෂ" දේශනාව නවම් පුන් පොහොය දින රජගහ නුවර වේළුවනාරාමයේ පැවති සංඝ සම්මේලනයේ දී දේශනා කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment