සෞඛ්‍ය අමාත්‍යාංශය ජනපති යටතට පවරා ගන්න

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනපති යටතට පවරා ගන්න

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ සෞඛ්‍ය ඇමැතිවරයා හිතාමතාම ක්‍රියාත්මක නොකරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශය තමා යටතට පවරා ගන්නා ලෙස ඒකාබද්ධ විපක්‌ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. 

මෙය තවදුරටත් කල් යැවීමෙන් සෞඛ්‍ය, නිදහස්‌ අධ්‍යාපනය බරපතල අනතුරු දායක තත්ත්වයට පත්විය හැකි බවත් සඳහන් කරන ඒකාබද්ධ විපක්‌ෂය මේ සඳහා වහා මැදිහත්ව සයිටම් ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදෙන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ රටේ වෛද්‍ය වෘත්තියට සහ වෛද්‍ය සේවයට සම්බන්ධ ඉතා ස්‌වාධීන මග පෙන්වන එකම ආයතනය බවත් එම ආයතනය මගින් පනවන නියෝග නිර්දේශ හා රෙගුලාසිවලට ඉහළින් සිටීමට කිසිවකුට හැකියාවක්‌ නැති බවත් මෙය ඒකාබද්ධ විපක්‌ෂයේ ස්‌ථාවරය බවත් ඒකාබද්ධ විපක්‌ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ සාකච්ඡාමය ක්‍රියාමාර්ග පිළිනොගෙන රජය අනුගමනය කරන දඩබ්බර ප්‍රතිපත්තිය ඒකාබද්ධ විපක්‌ෂය ප්‍රතික්‌ෂේප කරන බවද බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පෙරේදා (08) පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේ මාධ්‍ය හමුවේදී  ඔහු මේ බව සඳහන් කළේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment