බත්තරමුල්ලේ සිට වැල්ලවත්තට බෝට්ටු සේවයක්

බත්තරමුල්ලේ සිට වැල්ලවත්තට බෝට්ටු සේවයක්

බත්තරමුල්ල දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා ඇළ මාර්ග ඔස්සේ  බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවිල මහතා පවසයි.

මාර්ග තදබදය නිසා මෙම සේවය ආරම්භ කළ බවත් පැකේජ තුනක් යටතේ දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙහි ගමන් කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඇළ මාර්ගය දෙපස අඳුන් දිවියන්, කිඹුලන් හා මෙරට ආවේණීක කුරුල්ලන් ඇතුළු සතුන් සිටින බව කී ඉද්දවිල මහතා මේ වසර අවසානයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවද සඳහන් කරයි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවය ආරම්භ කරන බව ඉද්දවිල මහතා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment