ෆේස්බුක් හරහා මුදල් වංචා කළ නයිජීරියානුවාට වැඩ වරදී

ෆේස්බුක් හරහා මුදල් වංචා කළ නයිජීරියානුවාට වැඩ වරදී

 

ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 43කට අධික මුදලක් වංචා කළ නයිජීරියානු ජාතිකයෙකු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල, කනුපැලැල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අදාළ කාන්තාවගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයක දී මාලඹේ ප්‍රදේශයේ දී මෙම නයිජීරියානු ජාතික සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු ෆේස්බුක් වෙබ් අඩවියේ වෙනත් නමකින් පෙනී සිටිමින් අදාළ කාන්තාව හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඇයට ත්‍යාගයක් ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති සැකකරු එම ත්‍යාගය එවීමේ කටයුතු සඳහා බව පවසමින් ඇයගෙන් බැංකු ගිණුම් කිහිපයකට මුදල් බැර කරගෙන තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 15ත් 28ත් අතර කාලයේ මෙලෙස සැකකාර නයිජීරියානු ජාතිකයා විසින් සිය ගිණුම්වලට මුදල් බැරකරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි ත්‍යාගය ලබා නොදීම හේතුවෙන් කාන්තාව විසින් මේ පිළිබඳ බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව බැංකු ගිණුම් හරහා සිදුකළ විමර්ශනවල දී සැකකරු මාලඹේ  ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන 22 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකු බවට අනාවරණය වී ඇති බව සඳහන්ය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment