දුමින්ද සිල්වා බලන්න මහින්ද ඊයේ වැලිකඩ ගිහින්

මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සුවදුක් විමසීම සඳහා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
ඊයේ 9 සවස බන්ධනාගාර රෝහලට ගිය බව වාර්තාවේ. පස්වරු 4 සිට 4.30 පමණ වේලාව තුළ හිටපු ජනපතිවරයා එහි ගත කර පිටව ගොස් තිබේ.

මරණ දඩුවමට ලක්වීමෙන් පසු සති දෙකකට වඩා සිරගතව නොසිටි දුමින්ද සිල්වා අනතුරුව උණ රෝග තත්ව,අමතකවීම් ආදී විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර මේ වනවිට ස්නායු ආබාධයකට ගොදුරුව ඇති බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් වෙනත් උසාවි නඩු වලටද පෙනී නොසිටී.

ඔහුගේ මරණ දඩුවමින් නිදහස්වීම සඳහා අභියාචනයක්ද ඉදිරිපත් කර තිබේ.
දුමින්ද සිල්වා මරණ දඩුවමට සිරගතවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහුව බලන්නට ගියද මහින්ද ගියේ පළමු වතාවටයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment