සනත් ජයසූරිය තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වේ

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව සිටි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති
සනත් ජයසූරිය මහතා ඊයේ
ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය අතර ඔහු ඉන් පසුව තමන් හොබවන සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත "ඒ" කණ්ඩායමට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමට අදාළව සිදුකෙරෙන තෝරා ගැනීම්වලදී මතුවී ඇති ගැටලු ජයසූරියගේ මෙම හදිසි තීරණයට ආසන්නම හේතුව බවට පත්වී ඇතැයිද පැවැසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පසුගිය මාස දෙකක කාලය තුළ දක්‍ෂතා පිළිබඳවද සෑහීමකට පත්නොවන බවද පසුගියදා ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා පවසා සිටි අතර තේරීම් කටයුතු කිරීමේදී ඇතිවන අපහසුතා ගැනද අප වෙත අදහස් දැක්වීය. කෙසේ වෙතත් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේම පැවැත්වීමට නියමිතව තිබූ බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment