මහින්ද හනුමාන් වගෙයි රහුමාන් කියයි

මහින්ද හනුමාන් වගෙයි රහුමාන් කියයි

70 වන නිදහස් දිනය සැමරීමට රටක් තිබේද යන්න ගැටලුවක් යැයි හිටපු ජනාධිපති තුමා විසින් නිදහස් දිනය මුල් කර ගනිමින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය තරයේ හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පවසයි.

විධායක ජනාධිපතිවරයෙක් වශයෙන් පාලන අවධි දෙකක කාලය කළ එතුමා මෙවැනි ප‍්‍රකාශ නිකුත් කරමින් ජනතාව කලබලයට පත් කරන නායකයෙක් වීමෙන් හනුමන්තා බවට පත් ව ඇතැයි හෙතෙම ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

මෙවැනි ජාතිවාදි ප‍්‍රකාශ නිකුත් කරමින් කුඩා රැස්වීම් පවත්වමින් කෝවිල්, පන්සල් වදිමින් මහින්ද රාජපක්ෂ  මහතා සිදු කරන දේශපාලන හැසිරීම රටේ අවාසනාවක් බව ද රහුමාන් මන්ත‍්‍රීවරයා පැවසීය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළ නමුත් රට තුළ සාමය, සංහිඳියාව ඇති කිරීමට නොහැකි වූ බවත් ඒ වෙනුවට ප‍්‍රතිවරුද්ධව ජාතිවාදය ඇති කළ බව ද මෙහිදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ ය. 

ජාතික ආණ්ඩුවක් වශයෙන් පක්‍ෂ දෙකේ මන්ත‍්‍රීවරුන් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියට ද පවත්වා ගෙන යන බව එතුමා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment