මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ධූරයේ වෙනසක්

මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ධූරයේ වෙනසක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් එම්.ටී.හසන් අලි මහතා එම ධූරයෙන් ඉවත් කරමින් එම කොංග්‍රසයේ ලේකම්වරයාව සිටි මන්සූර් ඒ.කාදර් මහතා ස්ථීර මහ ලේකම්වරයා වශයෙන් පත් කිරීමට ඊයේ (12) පැවති මුස්ලිම් කොංග්‍රසයේ සම්මේලනයේදී තීන්දු කෙරිණි.  

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පක්ෂ සම්මේලනයේ දී මෙම තීන්දුව ගත් අතර ඒ අනුව 2015 දී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පත්කරගත් ලේකම් තනතුර අහෝසි කරමින් මන්සූර් ඒ.කාදර් මහතා  මහලේකම් ධූරයට පත්කළ බව මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එකම පක්ෂයක ලේකම්වරුන් දෙදෙනකු සිටිය නොහැකි බැවින් මුස්ලිම් කොංග්‍රසයේ නිත්‍ය ලේකම්වරයා කවුරුන්ද යන්න තීරණය කර මසක කාලයක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුස්ලිම් කොංග්‍රසයට නියෝග කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment