අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ඉවත් කරන්න දින 7ක් කල් දෙයි

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ඉවත් කරන්න දින 7ක් කල් දෙයි

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා ඉවත් කිරීමට අධ්‍යාපන ඇමැතිවරයාට දින හතක කාලයක් ලබා දීමටත්, දින හතක් තුළ ඔහු ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමටත් ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ විධායක කමිටු රැස්වීමේදී තීරණය වී තිබේ.

එම කර්නල්වරයා ඉවත් කරන තුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ශාඛාව සංවිධානය කරන ක්‍රීඩා තරඟ සහ උත්සව වල කිසිදු රාජකාරියක් සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සහභාගී නොකරන බව ද එම සංගමයේ සභාපති නීල් අතුකෝරල මහතා සඳහන් කරයි.

අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු වැනි පන්තියේ තනතුරක් වන ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුර සඳහා පරිපාලන නිලධාරියෙකු පත් කරන තුරු අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දැක්වීමට ඊයේ (12) එම සංගමයේ පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී එකඟතාවය පළ වූ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසී ය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment