ජනපති නිවසට රස්සාවක් හොයාගෙන ආ තරුණයා


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කළ පුද්ගලයෙකු
ජනාධිපති ආරක්ෂක

අංශ මගින් අද උදෑසන 9.30ට පමණ අත්අඩංගුවට ගත්තා.
ධනුක විශ්වජිත් නමැති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා ජනපති නිල නිවසට ඇතුළුවීමට උත්සහා දරා ඇත්තේ ජනපති හමුවී තමන්ට රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය නිසා බවයි.
 2011 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ තමන් කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබෙන බවද ඔහු කියා තිබුණි.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු කුරුඳුවත්ත පොලීසියට භාර දී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment