දුමින්දගේ රෝගී තත්ත්වය බලන්න විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්

දුමින්දගේ රෝගී තත්ත්වය බලන්න විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්

සිය වත්කම් බැරකම් හෙළි නොකළ බවට චෝදනා ලැබ සිටින භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී  සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ රෝගී  තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන 28 වැනි දා අධිකරණයට  ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (13) නියෝග කළාය.

ඔහුගේ රෝගී  තත්ත්වය පරික්ෂා කිරිමට අධිකරණ වෛද්‍ය  නිලධාරිවරයාගේ දැනුම් දීම මත විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති බව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

නඩුව ලබන 28 වැනි දා යළි කැඳවීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment