ජනපතිගේ අමාත්‍යාංශ නිළධාරීන් ගෙදර යවයි (VIDEO)

ජනපතිගේ අමාත්‍යාංශ නිළධාරීන් ගෙදර යවයි (VIDEO)

මේ දිනවල විශාල කතාබහකට ලක්වී තිබෙන මිනුවන්ගොඩ පස් කැපීමේ ප්‍රශ්නයට තමා යටතේ ඇති භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සම්පූර්ණයෙන් වගකිවයුතු බැවින් ඊට සම්බන්ධ ඉංජිනේරුවරයා ඇතුළු සියලු නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කුරුණෑගලදී ඊයේ (12) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

අවුරුදු විසි ගණනක් මෙම ස්ථානයේ නොකඩවා පස් කපා ඇති බව ද, එය ලෙහෙසි පහසු කාරණයක් නොවන බවද කී ජනාධිපතිවරයා මෙහි පස් කැපීම නිසා හටගත් ආරවුල මතම පසුගිය කාලයේ පුද්ගලයන් කීප දෙනකු ඝාතනයට ලක්වී ඇති බව ද පැවසීය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment