සීගිරියට විදුලි සෝපාන හා විදුලි මෝටර් රථ

සීගිරියට විදුලි සෝපාන හා විදුලි මෝටර් රථ

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ යෙදවීමට අවධානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.

පුරාවිද්‍යාවට හානි නොවන පරිදි අදාළ කටයුතු සිදුකිරීමට මේ වන විටත් සැලසුම් සකස් කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සීගිරියේ පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment