බැසිල් යළි ලංකාවට

බැසිල් යළි ලංකාවට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ සතියේ නැවතත් ලංකාවට පැමිණෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය රජය සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 29ක් වැය කර ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව ඇති නඩුවට පෙනී සිටීම සඳහා මෙලෙස බැසිල් රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණීමට නියමිතය.

ඊට අදාළ නඩුව මේ සතියේ දෙසැම්බර් 15 වැනිදා කොළඹ මහාධිකරණය ඉදිරියේ කැඳවා ඇත. බැසිල් රාජපක්ෂ පසුගිය දෙසැම්බර් මස 10 වැනිදා අමෙරිකාව බලා පිටත්ව ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යැයි ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න ප්‍රකාශ කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment