ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවස ආශ්‍රිතව ඊයේ (11) උදෑසන ගැවසුණු සැකකාර පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු ධනුක විශ්වජිත් නැමැති කෝට්ටේ මහනගර සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවුණ බව කුරුඳුවත්ත පොළිසිය පැවසීය.
රැකියාවක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට මෙසේ පැමිණිබව ඔහු ප්‍රකාශ කර ඇති බව පොලීසිය පැවසීය.
ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද හවස ඔහු ඇප මත මුදා හැර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකරයි.
0 comments :
Post a Comment