ජනපතිගෙන් අකිලට රතු එළියක්: අධ්‍යාපනයට මුදල් වෙන් කළත් වැඩ වෙලා නෑ

ජනපතිගෙන් අකිලට රතු එළියක්: අධ්‍යාපනයට මුදල් වෙන් කළත් වැඩ වෙලා නෑ

අධ්‍යාපනය සඳහා කොතෙක් ප්‍රතිපාදන වෙන් කෙරුණ ද පාසල්වල පවතින මූලික අවශ්‍යතා ඉටු නොවීම බරපතළ ගැටලුවක් බවත්, වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කළ යුතු ප්‍රමුඛතා හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට වසර 50 ක් පිරීම වෙනුවෙන් පැවති සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමිනි.

පසුගිය වසරේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් අවශ්‍ය පමණට වැඩි බැවින් වෙනත් විෂයයන් සඳහා යෙදවීමට ඇතැම් පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් අවසර ඉල්ලා සිටි බවත්, එතරම් මුදල් ලැබී තිබියදී පවා බොහෝ පළාත් පාසල්වල වැසිකිළි කැසිකිළි, ඩෙස් බංකු වැනි මූලික අවශ්‍යතා පවා සම්පූර්ණ වී නැති බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එවක 1967 වසරේ කොළඹ ජනප්‍රිය පිරිමි පාසල් වෙත පැවති අධික තදබදයට විසඳුමක් ලෙස අයි.එම්.ආර්. ඊරියගොල්ල මහතාගේ මූලිකත්වයෙන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ආරම්භ කෙරුණු අතර ඉතා කෙටි කාලයක් තුළ එය ඉතා ජනප්‍රිය පළමු පෙළ පිරිමි විද්‍යාලයක් බවට පත් කිරීමට ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති අයි.ආර්.ටී. අලස් මහතා සමත් විය. සියලු ජනවර්ග සහ ආගමික ඇදහීම්වලට අයත් දරුවන්ට සමානයින් ලෙසට අධ්‍යාපනය ලැබිය හැකි සහ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම අධ්‍යාපනය ලැබිය හැකි ප්‍රමුඛ බාලක පාසලක් වන ඩී.එස්. සේනානායක විද්‍යාලය වාර්ගික සහ ආගමික සංහිඳියාව පිළිබඳ උණුසුම් ආදර්ශයක් සපයන අධ්‍යාපන ආයතනයක් ද වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ඩී.එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ සමරු ඵලකය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment