අගමැති හෙට ඕස්ට්‍රේලියාවට

අගමැති හෙට ඕස්ට්‍රේලියාවට

නිල සංචාරයක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (13) අලුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. 

ඕස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙල්බර්න් හා කැන්බරා පළාත්වල සංචාරය කරනු ඇත. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු දේශපාලන නායකයන් මෙන්ම ව්‍යාපාරිකයන් රැසක්ද හමුවීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එරට පාර්ලිමේන්තුවේ විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්වීමට නියමිත බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment