හයිබ්‍රිඩ් විදුලිය එයි

හයිබ්‍රිඩ් විදුලිය එයි

සුළං සූර්යබලය සහ ඩීසල් යොදා ගනිමින් විදුලිය නිපදවනු ලබන දෙමුහුන් විදුලි බලාගාර අපේ රටෙත් ඉදිකිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව ඉදිකළ ප්‍රථම දෙමුහුන් බලාගාරය පසුගිය සිකුරාදා යාපනයේ එළුවාතිව්හිදි විවෘත විය. 

කිලෝවොට් 60ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන මේ බලාගාරය මඟින් පවුල් 191 කට විදුලි බලය ලැබෙයි.

ආසියානු සංවර්ධන බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ආධාර මත හරිත බලශක්ති ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කරන ලද මේ බලාගාරය සඳහා වියදම රුපියල් ලක්ෂ 1870 කි.

මීට අමතරව උදම් රළ උපයෝගී කර ගනිමින් රළ බල විදුලිය නිපදවීමට ද විදුලිබල මණ්ඩලය කටයුතු කරයි.

නවීන තාක්ෂණය අනුව අඩු වියදමකින් මේ රළ බල විදුලිය ශ්‍රී ලංකාවේදි නිපදවිය හැකි බවත් ඒ සඳහා සම්පූර් සහාය ලබාදීමට පින්ලන්තය සහාය දෙන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment