චරිතාගේ පියා ගුවන්විදුලි මාධ්‍යවේදී ආරියදාස පීරිස් සමුගනී


චරිතාගේ පියා 
ගුවන්විදුලි මාධ්‍යවේදී ආරියදාස පීරිස් සමුගනී

ගායන ශිල්පිණී චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන් වන ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතා අද සවස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය.මිය යන විට 91 වන වියේ පසුවූ ඒ මහතා ලංකාවේ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ පැරණීම ශිල්පීන්ගෙන් කෙනෙකි.
වෙළෙඳ සේවයේ පළමු නිවේදකයා ලෙස
සැලකෙන්නේද ඔහුය. ඔහු සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් ද වැඩසටහන් මෙහෙයවූ බව කියැවේ.
ඔහු ‘ආධුනික පැය’  ‘පිබිදෙන ගායක පරපුර’

“ඔව්. නෑ බෑ ‘ ,‘මිනිත්තුවක් පමණයි‘, ‘පැන පොඩි‘ ,‘එඩීගෙන් අහන්න‘, ‘ අම්බිගා ගීතයෙන් ගීතය‘, නිවේදක තෝරයි“ වැනි ජනප්‍රිය වැඩසටහන් විශාල ප්‍රමාණයක් ගෙන ආ අයෙකි.
‘කුරුලු බැද්ද‘ චිත්‍රපටයේ වෛද්‍යවරයකු ලෙසද රඟපා ඇත.ඔහුගේ ආධුනික ගී වැඩසටහන් නිසා ගායන ශිල්පීන් රැසක් බිහි විය.
පසු කලෙක ඔහුගේ බෑණනුවන් බවට පත්වූ ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි ඔහුගේ ආධුනික ගීත වැඩසටහනක් නිසා හඳුනාගත් අයෙකි.
චතුරිකා හා පූර්ණිකාගේ පියාණන් වන ජයන්ත පීරිස් මියගිය ආරියදාස පීරිස් මහතාගේ සොයුරෙකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු 11 වන ඉරිදා පස්වරු 4ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරෙන බව පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළා.
ඔහු ගැන ප්‍රචාරය වූ වාර්තා වැඩසටහනක් පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment