බොදුබල සේනාව පාස්පෝට් කාර්යාලයට යයි

බොදුබල සේනාව පාස්පෝට් කාර්යාලයට යයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් අද(07) උදෑසන ආගමන හා විගමන පාලක එම්.එම්. රණසිංහ මහතා හමුවිය. 

මෙරටට සංක්‍රමණය වන පුද්ගලයන් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානය ආගමන හා විගමන පාලකවරයා හමුවී සාකච්ඡා කර ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළේ ලොව බොහෝ රටවල මේ වන විට ආගමන විගමන නීති දැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ හේතුවෙන් මෙරට ආගමන විගමන නීති දැඩි කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් මෙරට ආගමන විගමන නීති නීති ලිහිල්වීම් හේතුවෙන් අන්තවාදී කණ්ඩායම්වලට පහසුවෙන් රට තුළට ඇතුළුවීමේ හැකියාවක් පවතින බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment