බැඳුම්කර වංචාව: ජනපති කොමිසමේ ප්‍රථම හමුව මාධ්‍යයට විවෘත නෑ

බැඳුම්කර වංචාව: ජනපති කොමිසමේ ප්‍රථම හමුව මාධ්‍යයට විවෘත නෑ

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට ඊයේ (06) එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනා රැස්වූ බව එහි ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා සඳහන් කරයි.

ප්‍රථම වරට එහි සාමාජිකයන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ පිහිටි ගොඩනැඟිල්ලකට රැස්වී මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ගයන් ගැන සාකච්ඡා කර ඇත.

එම කොමසාරිස්වරුන් පැයකට අධික කාලයක් මූලික සාකච්ඡාවක නිරත වී තිබේ. ඒ සඳහා නීතිපතිවරයාද එක්ව ඇත.

මෙම කොමිසමේ කටයුතු පිළිබඳ මාධ්‍යයට අනාවරණය කිරීම හෝ නොකිරීම කොමසාරිස්වරුන්ගේ අභිමතය පරිදි සිදුවන බවත් ඒ පිළිබඳව කොමිසම සම්බන්ධ දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වන බවත් එහි කොමසාරිස්වරයෙකු පැවසීය.

ඉදිරි වැඩකටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවත් ඉදිරි සාකච්ඡා මාධ්‍යයට විවෘත කරන බවත් සුමතිපාල උඩුගමසූරිය මහතා පැවසී ය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂා කිරීම හා විමර්ශනය කිරීම සඳහා කේ.ටී.චිත‍්‍රසිරි ,ප‍්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙපළ සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකු වූ කන්දසාමි වේලූපිල්ලේ මහතා පත් කරනු ලැබ සිටිති.

තෙමසක කාලයක් ඇතුළත මෙම විමර්ශන අවසන් කරන ලෙසටද ජනාධිපතිවරයා එම කොමිසමේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment