දඹුල්ල ක්‍රීඩාංගන වහලයේ අඛණ්ඩ උපවාසයක් (PHOTOS)

දඹුල්ල ක්‍රීඩාංගන වහලයේ අඛණ්ඩ උපවාසයක් (PHOTOS)

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයෝ පිරිසක් ක්‍රීඩාංගනයේ වහලය මත නැගී අද (07) දින උපවාසයක උපවාසයක් ආරම්භකර තිබේ. 

මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ ක්‍රීඩාංගනයේ ආරම්භයේ සිටම කොන්ත්‍රාත් පදනම මත සේවය කල කම්කරුවන් 11 දෙනෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් ලෙස පත් කරන ලෙසත් තමන්ට නිසි විසදුමක් ලැබෙන තුරු උපවාසය අත්නොහරින බවත් ඔවුහු කියයි.

මේ පිළිබඳ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ පිරිස ස්ථිර කිරීම සදහා අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවයි.

එහෙත් උපවාස කරුවන් කියා සිටින්නේ එවැනි දැනුම් දීමක් ලැබී නොමැති බවයි.

- දඹුල්ල කංචන කුමාර -

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment