ලෝක කාන්තා දිනයේදී කාන්තාවකට හතර දෙනකු එක් වී දත් කැඩෙන්න ගහලා

ලෝක කාන්තා දිනය සමරන මොහොතේදී සිවු දෙනකුගේ පහර කෑමට ලක්වූ කාන්තාවක් ගැලවුණු දතක්ද රැගෙන ගම්පොළ පොලිසියට පැමිණීමෙන් පසු රෝහල් ගතකර තිබේ.
මෙසේ පහර කෑමට ලක්වී ඇත්තේ දැල්පිටිය වත්තේහේන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි මවකි. ඇය ගම්සභා මාර්ගයේ යමින් සිටියදී කබී නමැති 20 හැවිරිදි තරුණයකු සමඟ කාන්තාවන් තිදෙනකු ඇයට අතින් පයින් හා ගල්වලින් පහර දුන් බව ගම්පොළ පොලිසියට පැමිණිලි කොට තිබේ.

කබී නමැති අයගේ පෙම් සබඳතාවක් මුල් කරගනිමින් ඇති වූ ආරවුලකදී මෙම කාන්තාව මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර එහිදී කබී නමැති තරුණයා ඇයගේ කෙස් වැටියෙන් අල්ලා කට මිරිකා පසුව මුහුණට පහර දීමේදී මෙම දත ගැලවී වැටී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිවු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. උපාලි යාපා, අපරාධ අංශ ස්ථානාධිපති ඩී. එන්. කාන්ගර යන නිලධාරීන්ගේ උපදෙස් මත උ.පො.ප. සමීර රංගන, උ.පො.ප. ජයන්ත ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ සිදු කළහ.

ගම්පොළ - මාධව බණ්ඩාර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment