ත්‍රිවේන්ද්‍රම් සිට ආ යානයක් ගොඩබස්වා අද දවල් 12.32 ට කටුනායක නව පථය යළි විවෘත කෙරේ

ත්‍රිවේන්ද්‍රම් සිට ආ යානයක් ගොඩබස්වා
අද දවල් 12.32 ට කටුනායක
නව පථය යළි විවෘත කෙරේ


පසුගිය මාස 3 ක පමණ කාලයක් එක් වරුවක් පමණ වසා දමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අලුත්වැඩියා කටයුතු සිදු කරන ලදි. අද දවල් 12.32 ට යෙදුණ සුබ නැකතින් එම අලුත්වැඩියා කටයුතු අවසන් කර ගුවන් තොටුපළ නැවත පැය 24  සක්‍රීය සේවාව අරඹන ලදි.
නව වෙනස්කම් අනුව
ධාවන පථය මීටර 65 සිට 75 දක්වා පළල

වැඩිවූ අතරම මීටර 3300 සිට 3550 දක්වා දිගද වැඩි කර ඇත.
විශාල A380 යානයක් වුවද පහසුවෙන් ගොඩබැස්වීමට දැන් හැකියාව ඇති බව වාර්තාවේ.
අද දහවල් 12.32 ට ත්‍රිවේන්ද්‍රම් සිට කටුනායකට ආ ගුවන් යානයක් ගොඩබැස්වීමෙන් පසු මෙම පථය විවෘත කෙරෙිණි.එම අවස්ථාවට ඇමති නිමල් සිරිපාල ඇතුළු මහත්වරුද එක් විය.
අද සිට ගුවන්තොටුපළේ නැවත සුපුරුදු සේවාවන් අරඹන අතර ගමනකට පෙර මේදක්වා පැය 5 කට කලින් පැමිණ සූදානම් වියයුතු නොවන බවත් පැය 3 ක සාමාන්‍ය කාලයක් ප්‍රමාණවත් බවත් දන්වා ඇත. එසේම දහවල් කාලයේ නවතා තිබුණ ගුවන් ගමන් නැවත අරඹා කාලසටහන නැවත සකස් කර ඇත.

Pix by-Ruwan Kodithuwakku
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment