රියදුරුගේ ෆෝන් කෝල් එක අතරේ බස් රථය අඩි 300 ක් ප්‍රපාතයේ - මරණ 2 යි 63 ක් රෝහලේ



රියදුරුගේ ෆෝන් කෝල් එක අතරේ
බස් රථය අඩි 300 ක් ප්‍රපාතයේ

මරණ 2 යි 63 ක් රෝහලේ

ඊයේ (5) දහවල් නාවලපිටියේ සිට දොලොස්බාගේ දක්වා ධාවනය කරමින් තිබුණ ලංගම බස් රථයක් අඩි 300 ක ප්‍රපාතයකට පෙරළීම නිසා මහත් විනාශයක් සිදු විය.
මෙම බස් රථය පැදවූ තැනැත්තා වංගු සහිත කඳු ආශ්‍රිත ප්‍රදේශයෙහි අවදානම නොතකා එක් අතකින් ජංගම දුරකථනය කනේ
තබාගෙන වෙනත් කල්පණාවකින් අනෙක් අතින් බස් රථය පැදවීම නිසා ප්‍රපාතය වෙත බස් රථය ගමන් කර තිබේ.බස් රථය පෙරළෙන අවස්ථාවේ එක්වරම තිරිංග තද කළත් ඒ වනවිට සමතුලිතතාව  නොමැතිව ගොස් තිබූ නිසා අඩි 300 ක පමණ ප්‍රපාතය කරා බසය ඇද වැටිණි.

අනතුරින් 2 දෙකු මියගිය අතර 63 කට ආසන්න පිරිසකට තුවාල ලබා ඇත. මියගිය දෙදෙනා ත්‍යාගරාජා නමැති 54 හැවිරිදි පුද්ගලයෙකු හා පාක්‍ය සෝති නමැති 57 හැවිරිදි කාන්තාවකි. තුවාල ලැබූවන් අතර සිසුන් 17 ක් කාන්තාවන් 20 ක් හා පිරිමින් 26 ක් සිටින බව රෝහල් ආරංචි සඳහන් කරයි.
අනතුර ගැන අදහස් දැක්වූ බස් රථයේ සිටි බොහෝ අය දන්වා සිටියේ තරුණ රියදුරු මගීන් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා ජංගම දුරඇමතුම් වල රැඳීසිටිමින් බස් රථය ධාවනය කිරීම මෙම විනාශයට හේතුවූ බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment