කටකතා පැතිරුණත් එජාප රැස්වීමේදී තනතුරු මාරු නොකෙරේ

වසර දෙකකට පමණ පසු එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුවන බවට පසුගිය දිනවලදී මහත් ප්‍රචාරයක් පැතිරී ගියද ඊයේ (5දා) සිරිකොතදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුකෙරෙන කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොමැත.

සජිත් ප්‍රෙමදාස, රවි කරුණානායක, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් නියෝජ්‍ය නායකයන් ලෙසද මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් උප නායකයන් ලෙසද නව තනතුරු පිරිනැමීමේ යෝජනාවක් ඊයේ (5දා) රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවට පසුගියදා තොරතුරු අනාවරණය වුවද එළැඹෙන මැයි දිනය සාර්ථකව පැවැත්වීම, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට ප්‍රතිලාභ ගලා එන ආකාරයට ක්‍රියාමාර්ග ගැනීම ආදී කරුණු කිහිපයක් පිළිබඳව මිස තනතුරුවල වෙනසක් සිදු කිරීම පිළිබඳ කතාබහක් සිදුවී නොමැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment