පිළිකා රෝහලේ පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය ‘කුට්ටි‘ ප්‍රශ්න නිසා තාම මිලදී ගෙන නැහැ


මහරගම පිළිකා රෝහලට යෝජිත පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය තවමත් මිලදී ගෙන නැතැයි වාර්තාවේ.
2016 වසරේ ශ්‍රී ලාංකික ජනතා අරමුදලින් රුපියල් මිලියන 250 ක මුදලක්‌  එකතු කර මේ වනවිට මාස 10 ක
කාලයක්‌ ගතවී තිබුණත්
රජයේ ටෙන්ඩර් පටිපාටියේ සිදුවූ විවිධ අක්‍රමිකතා සහ අකාර්යක්‍ෂමතාවන් නිසා මෙම පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය මිලදී ගැනීමේ කටයුතු අඩාල වී ඇත. එම උපකරණය මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන පටිපාටියට බැහැරට යමින් ලක්‍ෂ 700 ක්‌ පමණ මිලෙන් වැඩි ලංසුවක්‌ පිළිගැනීමට කටයුතු කර තිබීම ආන්දෝලනයට හේතුවී ඇති අතර මෙම මිලෙන් වැඩි ලංසුව පිළිගැනීමට නිර්දේශ කිරීම ප්‍රසම්පාදන පටිපාටියට අනුකූලව සාධාරණීකරණය කිරීමට මෙම සාමාජිකයන් අපොහොසත් වීම මත එය තවමත් පමාවෙමින් පවතී.
මෙම යන්ත්‍රය නොමැතිවීමේ අඩුව නිසා තවමත් පිළිකා රෝගීන් රැසක් විවිධ දුෂ්කරතා විඳිමින් සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment