Pitbull ශ්‍රී ලංකා ප්‍රසංගය අත්හිටුවයි - හේතුව සඟවයි


ඇමරිකානු සුපිරි පොප් ගායක පිට්බුල්ගේ ආසියානු සංචාරය අවලංගු කර තිබෙන අතර ඒ අනුව ඔහු ලංකාවේ ප්‍රසංගයක් පවත්වන්නට දිනයොදා තිබුණ මැයි 26 වනදා මෙරටට නොඑයි.
ඔහුගේ ආසියානු සංචාරය සංවිධානය කර තිබුනේ අයි.එම්.ඊ. නමැති ජාත්‍යන්තර සංවිධානයකි.ඔවුන්
‘ක්ලයිමේට් චේන්ජ්‘
යනුවෙන් නම් කර  ජපානය, සිංගප්පූරුව, හොංකොං, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, තායිපේ සහ ශ්‍රී ලංකාවේ මැයි මස දින වෙන් කර මෙම ප්‍රසංග පවත්වන්නට කටයුතු සූදානම් කර ටිකට්පත්ද අලෙවි කර තිබුණ අතර ශ්‍රී ලංකාවේ සන් එෆ්එම් නාලිකාවද මැදිහත්වී එයට පූර්ව ප්‍රචාර අරඹා ටිකට් පත් විකුණා තිබුණි.
පිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කර ඇත්තේ දින වෙන්කිරීමේ පරස්පරතා ගැටලුවක් නිසා මෙම අවලංගු කිරීම සිදුවූ බවකි. කෙසේ නමුත් පිට්බුල්ගේ මැයි මස ප්‍රසංග කාලසටහනේ මැයි මාසයම හිස්ව පවතින අතර දැනට මැයි 14 වනදා මිස් යූඑස්ඒ ප්‍රසංගය පමණක් යොදා ඇති බව වාර්තා විය.ඒ අනුව වෙනත් කිසියම් පුද්ගලික හේතුවක් මත මෙම අවංලංගු කිරීම සිදුකර ඇති බවට සැක කෙරේ.
අවලංගු කිරීම නිසා සංගීත රසකාමීන්ට ඇතිවු අපහසුතාව පිළිබඳව කණස්සල්ල පළ කරන බවපිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ සංදර්ශනය සඳහා මුදල් ගෙවා ලබාගත් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ආපසු ගෙවීමටද කටයුතු යොදා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment