මහින්ද පැරදුණේ බොදුබල සේනා හාමුදුරුවන් නිසයි - ඩිලාන්

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා 18දා හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක් අමතමින් මෙසේ කීවේය.
"මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය
වුණේ බොදුබල සේනා හාමුදුරුවන්ගේ ලණු කාලා. අද උසාවියෙන් සිතාසි නිකුත් කර තිබියදීත් උන්වහන්සේ උසාවියට එන්නේ නෑ. වර්තමාන ජනාධිපතතුමාටත් මම කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා කරගත්ත වරද කරගන්න එපා කියන එකයි.

මේ රටේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය කවුරු ඇවිස්සුවත් වැරදියි. සිවාජිලිංගම්ලා, විග්නේෂ්වරන්ලාත් උසාවි ගේන්න  ඕන. නැගෙනහිර පළාතේ ඉන්න සමහර මුස්ලිම් පූජකවරුන් ඉතාම කාලකණ්ණි විදිහට ජාතිවාදය අවුස්සන බව සමාජ වෙබ් අඩවිවලින්  අපි දකිනවා. ඒ අයත් උසාවි ගේන්න ඕනෑ. හැබැයි ඒ අය උසාවි  ගේන්න කියලා, අද උසාවි එන්න කියා වරෙන්තු නිකුත් කර තිබෙන හාමුදුරුවන්ට උසාවි නෑවිත් ඉන්න බෑ.

ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය පතුරුවන අය කවුරු වුණත් ඒ අය ඇඳන් ඉන්නේ සිවුරක්ද, ලෝගුවක්ද, වේට්ටියක්ද, තොප්පියක්ද, ඩප්පියක්ද කියන කාරණය අදාළ නෑ. ඒ සියලු දෙනාට විරුද්ධව අපේ ජාතික සමගියට බාධා කරන්නන් හැටියට නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment