මහින්ද රාජපක්ෂ විදුහලේ සිසුන්ට පුටු වෙනුවට පැදුරු

හෝමාගම පිටිපන  පිහිටි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු දරුවන්ගේ පුටු හිඟයට කඩිනම් විසඳුම්
ලබාදෙන්නට බලධාරීන් උනන්දු නොවීම නිසා එම උසස් පෙළ පන්තිවලට

ඇතුළත්ව සිටින සිසු දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා වාඩිගන්නේ පුටුවල නොව පැදුරුවල බව වාර්තාවේ.
2010 වසරේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම පාසල වසරින් වසර ගොඩනැගිලි තනමින් සිසුන් ඇතුළත් කරගන්නා සංවර්ධනය කරන මට්ටමින් පවත්වාගෙන ගිය එකකි. එම පාසලේ සාමාන්‍ය පෙළ සමත්වූවන් උසස් පෙළ පන්තිවලට ඇතුළත්ව ඇත්තේ මේ වසරේ මුල් වතාවටය. එම සිසුසිසුවියන් ගණන 668 ක් වන අතර බාහිරින්ද 700 ක් සිසු දරුවන් උසස් පෙළට ඇතුළත්ව ඇත.
මේ නිසා ඇතුළත්වීම් අධිකවීම මත පුටු හිඟය මතුව තිබේ. විකල්ප ලෙස පැදුරු ලබාදී තිබෙන අතර සිසුසිසුවියන් ඒවායේ වාඩිවී අධ්‍යාපනය අරඹා ඇත.
මෙම ප්‍රශ්නය අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඇති බවත් විසඳුම් ඉක්මණින් ලැබෙනු ඇති බවත් විදුහල්පතිවරයා දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment