ගිනි ඇවිළෙයි නම් බොරුවක් හරි ලියලා ගිනි නිවන්න - සුනිල් පෙරේරාගෙන් මාධ්‍යයට උපදෙස්


ඔබ හසුරුවන මාධ්‍යට ගිනි නිවන්න වගේම, ගිනි තියන්නත් පුළුවන්. මාධ්‍ය හසුරුවන අපේ සහෝදර
සහෝදරියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ගිනි ගන්නවා නම්, ඇත්තක් වුවත් ලියන්න එපා. ගිනි නිවෙනවා නම්, බොරුවක් වුවත් ලියන්න" යැයි ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා පවසා සිටියි.
සුනිල් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ "ජාතිවාදය අවුස්සන්න එපා" යන තේමාව
යටතේ ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

"බුදුන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා යනුවෙන්. එහිදී ජාති ආගම් භේද සැලකුවේ නෑ. මුස්ලිම් ජාතිකයෙක්ද, කතෝලික ජාතිකයෙක්ද, බෞද්ධ ජාතිකයෙක්ද කියලා වෙනසක් තිබුණේ නැහැ. අද බුද්ධ දේශනාව වැරැදියට තේරුම් අරගෙන සියල්ල තණ්හාවෙන් බදාගෙන ඉන්නවා. බුදු හාමුදුරුවෝ දේශනා කළේ තණ්හාය ජායතී සෝකෝ කියලා.

බුදුහාමුදුරුවෝ මුස්ලිම් ජාතිකයකුව ඉඳලා බුදු වුණා නම් අපි මොකද කරන්නේ. අපි අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා සිතිය යුතුයි අපි මේ කරන කියන දේ කොතරම් නිවැරැදිද කියලා.

ඒ වගේම අපේ මුස්ලිම් ආගම අදහන අපේ පිරිසගෙනුත් අපි ඉල්ලන්නේ පුළුවන් තරම් දුරස් වනවා වෙනුවට ළං වෙන්න ක්‍රම හදාගමු.
මගේ සංගීත කණ්ඩායමෙත් මුස්ලිම් ළමයකුත්, කතෝලික ළමයි දෙන්නෙකුත්, කිසිම ආගමක් නැති මමත් ඉන්නවා. හැබැයි අපි අතර ප්‍රශ්න නැහැ.

අනුෂා රාජපක්ෂ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment