ඇමරිකානු බේස් බෝල් තරගයක් අතර වෙඩිතැබීමකින් දේශපාලකයින්ට තුවාල



දේශපාලකයින් සහභාගී කරවාගෙන පවත්වන්නට කටයුතු යොදා තිබුණ ඇමරිකානු බේස්බෝල් තරගයක පුහුණුවීම් කටයුතු අතරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ රිපබ්ලිකන් පක්ෂයේ නායකයින් කිහිපදෙනෙකු
ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වර්ජිනියාහි ඇලෙක්සැන්ඩ්‍රියා උද්‍නයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ස්ටීව් ස්කැලිස් බරපතල තුවාල ලද අතර ඔහුගේ ආරක්ෂකයින්ද තුවාල ලබා ඇත.
වෙඩි තැබීම සිදු කළ අයට ආරක්ෂකයින්ද ප්‍රති ප්‍රහාර එල්ල කළ පසු ජේම්ස් හොකින්සන් නමැති වෙඩික්කරු මියගියා.ඔහු ගැන වැඩිදුර විමසීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ එරට අභ්‍යන්තර දේශපාලන ගැටලුවක් මත බව අනාවරණය විය. 66 වියැති මියගිය වෙඩික්කරු උග්‍ර ට්‍රම්ප් විරෝධියෙකු වූ අතර දකුණු ඉලිනොයිස් ප්‍රාන්තයේ වාසය කරන රැකියා විරහිත අයෙකු බවද පැවසිණි. ට්‍රම්පිට එරෙහිව සමාජ ජාලාවලට ලියමින් පුවත්පත් වලට ලියමින් දැඩි මතයක සිටි ඔහු ට්‍රම්ප්ට රිදවීමේ අදහසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැලකේ.
සිද්ධිය දැනගත් පසු තුවාල ලද තම කොන්ග්‍රස් සගයා බලන්නට ඇමරිකානු ජනපති ට්‍රම්ප් සිය බිරිය සමග රෝහල කරා ගිය බවද වාර්තා විය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment