දුම්රියට ගෙළ තැබීමේ රැල්ලට යමින් 16 හැවිරිදි තරුණියක් ඊයේ රාත‍්‍රී කොට්ටාවේදී දිවි තොර කරගෙන


දුම්රියට ගෙළ තැබීමේ රැල්ලට යමින්
16 හැවිරිදි සිසුවියක් ඊයේ රාත‍්‍රී
කොට්ටාවේදී දිවි තොර කරගෙන


ඊයේ (14) රාත‍්‍රී 7.20 ට පමණ කොට්ටාව දුම්රියපොළ ආසන්නයේ දී 16 හැවිරිදි සිසුවියක දුම්රියට ගෙල තබා සියදිවිහානි කරගැනීමේ සිද්ධියක් වාර්තා විය.
පසුගියදා පේරාදෙණිය සරසවියේ උපාධිධාරිනියක දුම්රියට ගෙළ තබා මියයාමේ සිදුවීම වාර්තාවී දින කිහිපයක් යන්නට මත්තෙන්ම ඇය මියගිය ආකාරයටම
මෙම තරුණියද
මියගොස් තිබුණ අතර ඇගේ හිස සම්පූරුණයෙන්ම කඳෙන් වෙන්වී තිබුණ බවද වාර්තා විය.ඇගේ මෘතදේහය එම දුම්රියෙන්ම ගෙනවිත් කොට්ටාව දුම්රිය ස්ථානයට රාත්‍රියේ බාර දී තිබෙන අතර, කොට්ටාව පොලිසිය මගින් ඇගේ දේහය හෝමාගම රෝහල වෙත ගෙන යාමට කටයුතු කරන ලදී.

මියගිය සිසුවිය සතුව තිබුණ ගමන් මල්ලේ පාසල් උපකරණ ජංගම දුරකථනය හා හැඳුනුම්පත තිබී හමුවී දුම්රිය ස්ථානාධිපති වරයා විසින් පොලීසියට බාර දී ඇත. හැඳුනුම්පතේ විස්තර අනුව නිවසට දැනුම් දීමට කටයුතු කරන්නට සූදානම් වෙද්දී ඇගේ දුරකථනයට රාත‍්‍රී. 8.00 ට  ඇමතුමක් ලැබී තිබූ අතර, ඇය ප‍්‍රමාද කිමදැයි නිවසින් විමසන ලදුව, කොට්ටාව පොලීසියේ නිලධාරි මහතෙකු අසනු ලැබූ තැනැත්තාට ඥානාන්විතව පිළිතුරු සපයා දන්වා තිබුනේ අනතුරකින් ඇයට තරමක තුවාල සිදුවී ඇති බැවින් කලබල නොවී හෝමාගම රෝහලට පැමිණෙන ලෙසයි.

වාර්තාව - මනෝජ් රූපසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment